Friday, January 10, 2025

 ” විසඳුමක් නොමැතිව අපි මෙම ස්ථානයෙන් පිටව නොයන්නෙමු ” ඉඩම් නොමැති ‘වෙනාවිල්’ ජනතාව පවසයි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරුප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති පුදුකුඩිරුප්පු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ  ජීවත්වන පිරිසක් විසින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා  රජයට බලකරමින් වෙනාවිල් ගම්මානයේ උද්ඝෝෂණයක නිරත වී  සිටිති. තම ඥාතීන්ගේ ඉඩම්වල දිගටම ජීවත්වීමට ඉඩක් නොමැතිව ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා 16 දෙනෙකු පමණ පාරට බැස ඇති අතර ඔවුන් රජයට අයත් ඉඩමක  වෙනම පැල්පත් පිහිටුවාගෙන විරෝධතාවයේ නිරත වෙයි. මෙම ජනතාව ඔවුන්ගේ  කුඩා දරුවන් සමඟ මාර්ගයට පැමිණ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිති.  එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මෙම  විරෝධය දැක්විය නොහැකි බව පැවසූ අතර එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ලබන සඳුදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කර විසිරී යන ලෙස දැනුම්දෙන ලදී.

මේ අතර ඔවුන්ගේ නියෝජිතයින්  ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී මෙම ගැටළුව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස බලකරමින් සිටියි.
පුදුකුඩිරුප්පු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ  ඉඩම් නොමැති පවුල් 40ක් පමණ සිටිති. 

 


ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article