වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් සහ සිරකරුවන් පිරිසක් 2012 වසරේදි වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ නඩුව ඔක්තෝබර් 14 වනදා සිට දිනපතා විභාග කිරීමට නඩුව විභාග කරන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල නියම කළේය.
ඔක්.14 වනදා සිට සඳුදා, බදාදා,සිකුරාදා යන දිනවල මෙම නඩුව විභාග කිරිමටද තිරණය කල විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ සාක්කිකරුවන් සිවු දෙනෙකුට ඔක් . 14වනදා අධිකරණයේ පෙනි සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.