Friday, December 27, 2024

වාලච්චේනේ ධීවර වරාය වසා දමයි

Must read

මේ වනවිට මඩකලපුව කෝරලේපත්තු  ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශය තළ කොරෝනා අසාදිතයින් 11 දෙනෙකු හදුනාගෙන ඇති අතර නැගෙනහිර තවත් ප්‍රෙද්ශ කිහිපයක කොරෝනා ආසාදිතයින් සිටිනබවට තහවුරුවීමත් සමගම අද පෙරවරුවේ වාලච්චේනේ ධීවර වරාය වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ සමගම වාලච්චේනේ පොදු වෙළදසැලේ වෙළෙදුන් හා පාරිභෝගික භාන්ඩද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවකට ලක්කරන ලදී.
අද පෙරවරුවේදී වාලච්චේන සහකාර පොලිස් අධිකාරී පී එම්.එස්. ජයසුන්දර මහතා පැවසුවේ පෑලියගොඩ  මත්ස්‍ය වෙළෙඳපොළ ප්‍රදේශයට ව්‍යාපාරික කටයුතු සඳහා ගිය අය කොරෝනා අසාධනයට පත්ව ඇති බවත්  ඔවුන් හුදකලා කොට ඔවුන් හා සම්බන්ධ වූවන් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත්. මේ බව ඔහු පැවසූවේ අද වාලච්චෙනෙයි පොලිසියේ පැවති විශේෂ සාකච්ඡාවක්දීය.  මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් සහ ප්‍රජා ක්‍රියාකාරීන් සහභාගී වූහ. මෙහිදී ප්‍රදේශයේ සිදුවී ඇති මෙම කොරෝනා ආසාදනය පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පූර්වාරක්ෂාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.


රැද්‍රා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article