Friday, September 20, 2024

වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකරයි – NBRO

Must read

මෙරට ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය පහල බැස ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.

එම සංවිධානයට අනුව අද(30) පෙරවරු 11.50 වන විට කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයට “දම්පාට” අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර එහි වාතයේ ගුණාත්මක භාවය දක්වා ඇත්තේ 75.0ක් ලෙසය.

මේ අතර මන්නාරම, වවුනියාව, දඹුල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවලට “රතු” අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

යාපනය, පුත්තලම, පොළොන්නරුව සහ මුලතිව් යන ප්‍රදේශ වල වාතයේ ගුණාත්මක භාවයත් පහළ බැස ඇත.

NBRO සංවිධානය පවසන ආකාරයට මෙම ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය “සෞඛ්‍යයට අහිතකර” කාණ්ඩය දක්වා පහල වැටි ඇති බවයි. ඒ හේතුවෙන් ඇති වියහැකි සෞඛ්‍ය බලපෑම් සම්බන්දයෙන් ජනතාවට අනතුරු ඇගවීමටත් එම සංවිධානය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, කළුතර, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය හොඳ තත්වයක පවතින බවද NBRO නිකුත්කල නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article