Saturday, September 21, 2024

ව්‍යාජ වාහන අංක තහඩු සැකසූ ස්ථානයක් වව්නියාවේදී අත්අඩංගුවට

Must read

නීති විරෝධීව ව්‍යාජ වාහන අංක තහඩු සැකසීමේ ස්ථානයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන අංක තහඩු සකසන ස්ථානයකි.

මෙම ස්ථානය මගින් දීර්ඝ කාලයක් තිස්සේ මොටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුව මගින් නිකුත් කරනු ලබන අංක තහඩු වලට සමානව ව්‍යාජ වාහන අංක තහඩු සැකසීම සිදුකර ඇති බව හෙලිවී තිබේ. එම ස්ථානයේ තිබී ව්‍යාජ අංක තහඩු, පරිගණක යන්ත්‍රයක්, රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර් 412 ක් අඩංගු කාඩ්පත් සහ DMT ලෙස මුද්‍රිත ස්ටිකර් කාඩ්පත් විශේෂ කාර්ය බලකා විසින් සොයාගෙන ඇත .

මෙම ජාවාරමට සම්බන්ධ තාන්ඩිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකුද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔහු වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

ඡායාරූප – අරුණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article