Saturday, September 21, 2024

වසර 6 කට පසු ශ්‍රිලංකාව ප්‍රංශයට සෘජු ගුවන් ගමන් අරඹයි !

Must read

වසර හයකට පසු ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. පළමු ගුවන් යානය වන UL 564 අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ළඟා විය. ඒ් මගින් 200 දෙනෙකුද සමගින්ය.

කොළඹ සිට පැරිස් දක්වා වූ මංගල ගුවන් යානය ඔක්තෝබර් 30 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඔක්තෝබර් 31 වැනිදා පෙරවරු 7.30ට ප්‍රංශයට ළඟා වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළේය.

පැරිසියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව සංචාරක හා ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබ තිබුණි.

ජාතික ගුවන් සේවය පැවසුවේ ශ්‍රී ලංකාව අද සිට BIA සහ Paris Charles de Gaulle ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවයි. සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව ගුවන් සමාගම් වැඩිදුරටත් පවසයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article