Friday, September 20, 2024

වසන්ත නිදහස් !අරුරන්ලා තවමත් ඇතුලේ..???

Must read

වසන්ත මුදලිගේට ලැබුන නිදහස වෙනුවෙන් අද පැලෙන්න බොනවා යැයි සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකුගේ ඉහ වහ ගිය සතුට ඒ ආකාරයෙන් ප්‍රකාශයට පත්ව තිබේ.

වසන්තගේ නිදහස ගැනම බලා සිටි බොහෝ දෙනෙකුට එය සමරමින් සැබැව්න්ම පැලෙන්නට බොන්න හිතුනත් දැන් අරක්කු මිලද වැඩිවි ඇති නිසා ඒවාද සිමා කරන්නට සිදුව තිබේ .

කෙසේ වෙතත් ත්‍රස්ත පණත යටතේ රදවා තබාගෙන සිටි දකුණේ සමාජ ක්‍රියාකාරින් නිදහස් කල පසු ත්‍රස්ත පණතට එ⁣රෙහිව ඒ වෙනුවෙන් රටපුරා යමින් කළ කැම්පේන් වලට සිදුවන්නේ කුමක්ද යන ප්‍රශ්නය ඉතාමත් දේශපාලනික ලෙස වරක් විදර්ශණ කන්නන්ගර විසින් සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබුණි.

ඔහු එහිදි ප්‍රශ්ණ කර තිබුනේ වසන්තලා නිදහස් කල පසුව වසර ගණනක් තිස්සේ සිරගත කර සිටින දමිල ජාතික දේශපාලන සිරකරුවන් ගැන පෙරටුගාමින් පෙනි සිටින්නේද යන කරුණ මතුකරමිනි.

දැන් වසන්ත නිදහස්ය.හැබැයි අරුරන්ලා ඇතුල 30 කට වැඩි දමිළ සිරකරුවන් දැන් දශකයකටත් වඩා කාලයක් තවමත් හිරේය.

ඉතින් අද පැලෙන්නට බොන්නට හිතෙන අයට හෙටත් පැලෙන්නට බොන්න හේතුවක් ඉතිරිව තිබේ.

ඒ ත්‍රස්ත පණත යටතේ දශකයකටත් වඩා වැඩි කා⁣ලයක් හිරේ ගත කරන අරුරන්ලා ගැන දුකක් ඇති වන්නේ නම් ඒ ගැන සිතාය.

එහෙත් එය සිදුවන්නේ නැත. දින 200 කට ආසන්න කාලයක් ත්‍රස්ත පණත යටතේ සිරගත කොට සිටි වසන්තගේ නිදහස වෙනුවෙන් පැලෙන්නට බොන්නට හිතෙන අති බහුතරයකට අමතකව ගිය කාරණය වන්නේ වසන්තලා නිදහස් වන විට වසර 16 කට වඩා වැඩි කාලයක් ඇතැම් විට නිසි නඩු විභාගයන් පවා නොමැතිව ත්‍රස්ත පණත යටතේ සිරගත කොට දමිල සිරකරුවන්ද නිදහස් කරනා  ලෙස අද දවසේ සිය ෆේස් බුක් පිටුවල වචන කිපයක් හෝ සටහන් කිරිම පිලිබදවය.

මේ සමාජය ඒ තරමට දැන් ධ්‍රැවීකරණය වි තිබේ. රැඩිකල් කථා දොඩන  ඇතැම් වාමාංශිකයන්ගේ තක්කඩි අවස්ථාවාදි සිංහල කේන්ද්‍රිය දේශපාලනයේ තරම දැන් තවත් හොදට පෙනෙන්නට පටන් ගෙනය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article