Friday, September 20, 2024

වසන්ත කරන්නාගොඩට සිව්වනවරටත් සිතාසි

Must read

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ 14වන විත්තිකරු ලෙස නම් කර සිටින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (24) දිනයේ අධිකරණයේ හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබුණුත් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට සිව්වන වතාවටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇත.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කර තිබේ.

මෙම සිතාසිය  ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට යොමු කරන ලෙසත් ,සිතාසියේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් විත්තිකරු වෙත යොමු කරන ලෙසත් , ඊට අමතරව අදාළ සිතාසියේ පිටපතක් කරන්නාගොඩ මහතාගේ නිවසේ සිටින සේවකයෙකුට හෝ ඥාතියෙකුට භාර දෙන ලෙසත් එහි පිටපතක් ඔහුගේ නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අලවන ලෙසත් විනිසුරුවරු නියම කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article