Thursday, January 23, 2025

වන අලින්ගෙන් බේරෙන්න ගෝමරන්කඩවල වැසියන් ආණ්ඩුකාරවරියගෙන් ගිනි අවි ඉල්ලයි

Must read

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම අවම කිරිම සදහා රජය මේ වන විට විවිධ උත්සයහන් යෙදුව ද එය විසදා ගැනීමේ දැඩි අර්බුදකාරි තත්වයක් පැන නැගී තිබේ.
ඒ සදහා හැකි විසදුමක් ලබා ගැනීමේ අරමුනින් ප්‍රදේශයේ ගොවි ජනතාව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට ආරාධනා කළහ.
ඒ අනුව ආණ්ඩුකාරවරිය ඊයේ (13) පෙරවරුවේ එම ගැටළුව නිරාකරණය කිරිම සදහා අවශ්‍ය නිළධාරීන්ද කැදවා ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි විශේෂ රැස්වීමක් පැවැත්වූහ.
එහිදි ගොවි ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ වන අලින්ගෙන් බෙිරිම සදහා ඔවුනට ගිනි අවි ලබා දෙන ලෙසයි.
එහිදි ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නේ ගිනිඅවි ලබා දීමේ තිරණයට ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු අවසරයක් නොමැති බව තමන්ට දැනුම් දී ඇති බවයි.
ඊට ජනතාව විරෝධය දැක්වූ අතර අනතුරුව ආණ්ඩුකාරවරිය ඒ මොහොතේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අමතමින් මේ සදහා වන විසදුමක් ඇත්දැයි විමසා සිටියාය.
එහිදි ආධ්‍යක්ෂක ජෙනරාල්වරායා සදහන් කළේ අලි වැට නිරික්ෂණය කිරිම සදහා යොදවා ඇති සිවිල් ආක්ෂක නිළධාරින්ට පමණක් ගිනි අවි නිකුත් කිරිමට හැකියාව පවතින බවයි.
ඉදිරි කාලයේ එම ගැටළුව විසදා දෙන ලෙස ද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ආණ්ඩුකාරවරිය හමුවේ පොරොන්දු විය .
මේ අතර අලි වැට නිරංතරයෙන්ම යාවත්කාලීන කිරිම සදහා සිවිල් ආක්ෂක බලකාය සහ ගොවි ජනතාවගෙන් සැදුම්ලත් කමිටුවක් ඇති කිරිම කෙරෙහි ද අවධානය යොමු විය.
මින් ඉදිරියට අලි වැට ඉදි කිරිමේදි ගම්මාන මැදි කරමින් පමණක් ඉදි කිරිමට ද යෝජනා විය. එම ඉදි කරන අලිවැට ආසන්නේ දෙහි, තල්, සහ හණ පැල සිටුවීමටත් මි මැසි පෙට්ටි සවි කිරිටමත් යෝජනා විය.
ඊට අමතරව ඉඩම් නොමැති ගොවීන්ට ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතිය ලත් වගා ඉඩම් ලබා දීම කෙරෙහි ද අවධානය යොමු වීම විශේෂත්වයකි. ‍
මේ අවස්ථාවට පළාත් කෘෂීකර්ම අමාත්‍යාංශයේ ලේකම් අයි.කේ.ජි. මුතුබංඩා, පළාත් ඉඩම් කොමසාරිස්, කන්තලේ පොලිස් අධිකාරි, වනජිවි සහ වන සංරක්ෂණ නිළධාරින්, ප්‍රාදේශිය සිවිල් ආරක්ෂක ප්‍රධානින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටිහය.

එල්. දේවාදිරන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article