Friday, September 20, 2024

ලෝක වෙලදපළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට : ඉන්ධන මිල සහනය තවමත් ජනතාවට නැහැ

Must read

 

මේවන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළ ගොස් ඇත.
1991වසරින් පසු දිනකදී ලෝක වෙලදපලේ බොරතෙල් මිල අඩුවූ වැඩිම ප්‍රතිශතය වාර්තා කරමින් අද වන විට   බොරතෙල් ලීටරයක මිල 30%කින් පහත වැටී තිබිණි.

නමුත් මේ වන තෙක් එම සහනය මෙරට ජනතාවට ලැබී නැති අතර ඒ සම්බන්දයෙන් රජය පාර්ෂවයෙන් විවිධ අදහස් පලවෙමින් පවතී.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර සිටියේ මිල සූත්‍රය ක්‍රියාත්මක වූවානම්, ලෝක වෙලදපලේ මිල අඩුවන විට මෙරට ඉන්ධන මිල අඩුවනවා මෙන්ම වැඩිවන විට වැඩිවන බවයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ ඉන්ධනමිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකිව ඇති බව ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූවානම් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117.00කට හා ඩීසල් ලීටරයක මිල රුපියල් 84.00කට අලෙවි වන්නට ඉඩ තිබිණ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article