කොරෝනා මර්ධනයට උපකරණ ලබාගැනීමට පරිත්‍යාගයක් ලෙස ලෝක බැංකුවෙන් ලැබුණ රුපියල් බිලියන තිහකින් සෞඛ්‍ය උපකරණ මිලදී ගන්නට කටයුතු නොකළේ කොමිස් මුදල් ඉන් නොලැබෙන නිසාදැයි ජනපති, අගමැති, සෞඛ්‍ය ඇමති ඇතුලු සෞඛ්‍ය බලධාරින්ගෙන් ගමන් වහන්සේ ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සේභිත හිමියෝ අද (04) මාධ්‍ය සාකච්ඡාව දී ප්‍රශ්න කළහ.
ඇඹිලිපිටියෙ පැවති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ:
කොරෝනා රෛස උවදුරින් විපතට පත් වි සිටින ජනතාවට සෙත සුව සැලසීම සඳහා ජනතාවට යහපත සැලසීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 167ක් අධාර ලෙස ලැබී තිබෙනවා. ලෝක බැංකුව මෙය මුදල් ප්‍රදානයක් ලෙස නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීමකටයි ලබා දෙන්නේ කියලා ජනමාධ්‍ය මගින් අපි දුටුවා.
ඩොලර් කෝටි 167ක් කියන්නේ රුපියල් කෝටි 3039ක්. එය රුපියල් බිලියන වලින් 30ක්. මෙය මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශය සඳහා වෙන්කළ රුපියල් බිලින 63ක මුදලින් භාගයක් තරම් වූ ප්‍රමාණයක්.
මේසා විශාල පරිත්‍යාග මුදල් දීමට නියමිතව තිබියදී අදාළ සෞඛ්‍ය බලධාරීන් කිසිම පියවරක් නොගැනීම හේතුවෙන් ඒ මුදල අවලංගු වන ස්වරූපයක් පෙනෙන්න තියෙන්නෙ. කොරෝනා මඩින්න මේ මුදලින් මොනම පියවරක්වත් අරං නෑ කියලයි අවලංගු වෙන්න යන්නේ.
පීසීආර් ප්‍රමාණවත් යන්ත්‍ර නෑ. තියන ඒවා ක්‍රියා විරහිත වෙලා තියනවා. අයිසීයූ පහසුකම් ඉතාමත් අවමයි. පීසීආර් යන්ත්‍ර මිලදී ගැනීම, අයිසීයූ පහසුකම් වැඩිදියුණු කිරීම කළ යුතුව තිබියදී, මේ මුදල් ඊට භාවිතා නොකලේ ඇයිදැයි අපි සමස්ත මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඇසිය යුතුයි.
මේ මුදල කිසිසේම පාවිච්චි වුණේ නැහැ කියලා ලෝක බැංකුවේ සෞඛ්‍ය කාර්යාංශයේ ශ්‍රීලංකා කාර්යාලයේ අධ්‍යක්‍ෂකවරයා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහත්මයා ඒ සම්බන්‍ධයෙන් කරුණු දක්වලා තියනවා. ඒ සමගම රසායනාගරවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහත්මයා ජනපතිතුමාට පවා පැමිණිලි කරලා තියනවා රටේ ජනතාව වෙනුවෙන් ඇයි මේ මුදල පාවිච්චි නොකළේ කියලා.
ක්‍රමවේදයට අනුව, උපකරණ මිලදී ගත යුතුයි. එසේ කලොත් අයථා අකාරයෙන් ලබාගන්නා කොමිස් මුදල් අහිමිවන නිසාද මෙ සා විශාල ධනස්කන්ධයක් අතහැරලා දැම්මේ?
දිළිඳුකමින් දුප්පත්කමින් අපහසුතා රැසක් එක්ක අපේ රටේ ජනතාව සෞඛ්‍ය ප්‍රශ්න වලදි එදිනෙදා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නේ. අපේ රෝහල්වල එක ඇඳේ ලෙඞ්ඩු දෙන්නා තුන්දෙනා ඉන්න අවස්ථා අනන්තවත් තියනවා. ප්‍රමාණවත් ගොඩනැගිලි නෑ. ප්‍රමාණවත් ඇඳන්ටිකවත් නෑ. වෛද්‍ය පහසුකම් නෑ. බෙත්හේත් නෑ. අවසානයේ පීසීආර් මැෂින් ඇත්තෙත් නෑ. ඒ තියන ඒවත් ක්‍රියා විරහිතයි.
මෙතරම් ගැටලු රැසක් හමුවේ රුපියල් බිලියන තිහක් තරම් විශාල ආධාර මුදලක් පරිභෝගයට නොගත්තේ ඇයි.? නිසිලෙස පාචිච්චි නොකළේ ඇයි? කියන ප්‍රශ්නය අපි චනාධිපතිවරයාගෙන් අහනවා. අග්‍රාමාත්‍යතුමාගෙන් සහ සෞඛ්‍ය ඇමතිනියගෙන්, සෞඛ්‍ය බලධාරී සැම දෙනාගෙන් අපි ප්‍රශ්න කරනවා. ඇයි මේ සා විශාල අලාභයක් රටට අත්කර දුන්නේ. මෙය ජනතාවට සිදුවුන මහා අසාධාරණයක්, අපරාධයක් හැටියටයි අපි මතක් කරන්නේ.
මේ මුදල රටේ ජනතාව වෙනුවෙන් යලි යොදාගත හැකි ක්‍රමවේදයක් තිබේදැයි සොයා බැලිය යුතුයි. සාකච්ඡා කළ යුතුයි. රසායනාගාරවේදීන්ගේ සංගමය පෙන්වා දෙන හැටියට මහජනතාවට සාධාරණයක් ඉටු කළ යුතුයි.
කෝවිඞ් මර්දනයට අවංක ලෙස සෞඛ්‍ය බලධාරීන් උත්සාහ ගන්නවානම් මේ ලැබුණ ප්‍රතිපාදනය
මහා භාග්‍යයක්නේ. ඒක මහා වාසනාවක් නේ. ස්තුති පූර්වකව මේ මුදල අරගෙන වියදම් කළානම්කොරෝනාව මර්ධනය කරන්න තිබුණා නේද? සෝභිත හිමියෝ කීහ.
(lankadeepa)