Friday, November 22, 2024

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාගේ ඕස්ට්‍රේලියා වීසා කැන්සල්

Must read

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච් ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව එරටින් පිටත්වන ගුවන්යානයක ආසනයක් වෙන්කරන තුරු ජොකොවිච් ව රජය මගින් පාලනය වන රැඳවුම් මධ්‍යස්ථානයක් කරා යැවීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙලෙස ඔහුගේ වීසා අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කර නොමැති වීම හේතුවෙනි. කොවිඩ් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කල අයෙක් වන නොවැක්ට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීම සඳහා ටෙනිස් බලධාරීන් විසින් සහනයක් ලබාදී තිබුණත් ඒ සදහා ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ සියලු දෙනාට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බවය.

කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්දයෙන් නොවැක්ගේ මව් රට වන සයිබීරියාවේ ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළවී තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article