Thursday, December 26, 2024

ලොවටම පාඩමක් උගන්වන චීනයේ වන නගරය.

Must read

චීනය දැඩි පීඩාවට පත්කරමින් සිටින වායු දූෂණයට පිලියම් සෙවීමක් වශයෙන් ලොව පලමු වන නගරය ඉදිකිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ නගරය තුල ගස් මිලියනයන් පමණ රෝපනය වනු ඇති. මේ නගරය ඉදිකිරීමත් සමග මෙහි සිටුවන පස් මගින් වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් ටොන් 10,000ක් පමණ අවශෝෂනය කරගනු ඇති බව හා එම ගස් මගින් වසරකට ඔක්සිජන් ටොන් 900ක් විමෝචනය කරනු ඇති බවත් ඔවුන් පවසනවා.

ඒ අනුව මේ නගරයේ ඇති පාසල්,රෝහල්,වෙලද සංකීර්ණ,නිවාස සංකීර්ණ හා වෙනත් සියළුම ගොඩනැගිලි ගස් වලින් ආවරණය වන පරිදි නගරය මේ වන විටත් සැලසුම් කර අවසන්ය.

ලොවපුරා සිදුවන වන විනාශය තුලින් පරිසරයේ ඇති වන අසමතුලිතතාවයන්ට මෙන්ම වායු දූෂනයට වඩාත් ප්‍රථිඵලදායක විසදුමක් මෙමගින් ලැබෙනු ඇතැයි මෙහි නිර්මාතෘවරුන් බලාපොරොත්තු වන අතර  ලොව අනෙකුත් සියළුම රටවල් වෙත මෙය වටිනා ආදර්ශයක් වනු ඇති.

forest-city-china-1200x712

cam1-copy-web-1200x900

170629094854-china-forest-city-5-super-169

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article