Saturday, September 21, 2024

ලබන වසරේ රජයේ හා බැංකු නිවාඩු දින 25ක්

Must read

2021 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින 25ක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ජනවාරි 14 සහ 28 බ්‍රහස්පතින්දා දිනවල පිළිවෙළින් තෛපොන්ගල් සහ දුරුතු පුර පසළොස්වක පොහොය නිවාඩුව යෙදී ඇති අතර පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා නිදහස් සමරු දිනයත්. 26 සිකුරාදා නවම් පුර පසළොස්වක පොහොය දිනයත් යෙදී තිබේ.

මාර්තු 11 බ්‍රහස්පතින්දා මහ ශිව රාත්‍රී දිනයද, 28 ඉරිදා මැදින් පුර පසළොස්වක පොහොයද යෙදී ඇති අතර අප්‍රේල් 02 මහ සිකුරාදා දිනයද 13, 14 අඟහරුවාදා සහ බදාදා දිනවල සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව යෙදී ඇත.

අප්‍රේල් 26 සඳුදා බක් පුර පසළොස්වක පොහොය සහ මැයි 01 සෙනසුරාදා ලෝක කම්කරු දිනය, 14 වැනි සිකුරාදා ඊදුල් ෆීතර් රාමසාන්, 26 බදාදා සහ 27 බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පොහොය දින නිවාඩුද යෙදී ඇත.

ජූනි 24 බ්‍රහස්පතින්දා පොසොන් පොහොයද ජූලි 21 බදාදා හජ්ජි උත්සවය හා 23 සිකුරාදා ඇසළ පුර පසළොස්වක පොහොය දින නිවාඩුවද යෙදී තිබේ.

අගෝස්තු 22 ඉරිදා නිකිණි පුර පසළොස්වක පොහොය, සැප්තැම්බර් 20 සඳුදා බිනර පුර පසළොස්වක පොහොය, ඔක්තෝබර් 19 අඟහරුවාදා නබි නායක තුමන්ගේ උපන් දින නිවාඩුව සහ ඔක්තෝබර් 20 බදාදා වප් පුර පසළොස්වක පෝය දින නිවාඩුවද යෙදී ඇත.

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා දීපවාලි උත්සවය සහ 18 බ්‍රහස්පතින්දා ඉල් පුර පසළොස්වක පොහොය නිවාඩුවද යෙදී තිබේ. දෙසැම්බර් 18 සෙනසුරාදා උඳුවප් පොහොය සහ 25 සෙනසුරාදා නත්තල් දින නිවාඩුවද යෙදී තිබේ.

(මූලාශ්‍රය – අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article