Sunday, January 5, 2025

ලක්ෂ 15ක ව්‍යාපෘතියකට ලක්ෂ 7ක සමරුඵලකයක් – කොප් කමිටුවේදී හෙලි වේ

Must read

විහාරස්ථානයන් වෙනුවෙන් ඉදිකෙරුනු ජල පෙරණ පද්ධතියක් විවෘත කිරීම සදහා භාවිතා කල සමරුඵලකයට රුපියල් ලක්ෂ හතහමාරක් වැය කිරීමේ සිදුවීමක් කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙම ජල පෙරණ පද්ධතිය ඉදිකර දී ඇත්තේ භූවිද්‍ය හා පතල් කැනීම් කාර්යංශය විසිනි.

මේ බව අනාවරණය වූයේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

එලෙසම මෙම ලක්ෂ 7ක සමරු පුවරුව ඉදිකර ඇත්⁣තේ නාවික හමුදාව විසින් එම ස්ථානයේ ඉදිකර තිබූ පුවරුව ඉවත්කිරීමෙන් පසුව බවද එහිදී අනාවරණය විය.

පසුගිය වසරේදී එම කාර්යංශය විසින් සමාජ සත්කාර සදහා ලක්ෂ 79කට වැඩි මුදලක් වැය කර ඇති බවත් එය එම ආයතනය දැරිය නොයුතු තරමේ වියදමක් බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබියදී මෙම වසරේදීත් සමාජ සත්කාර වියදම් ලෙස රුපියල් ලක්ෂ 350ක් වෙන් කර තිබෙන බවත් කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා එහිදී පෙන්වා දුන්නේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article