Friday, September 20, 2024

රු.කෝටි 225ක මත්කුඩු මහබාගෙන් හමුවෙයි

Must read

රුපියල් කෝටි 225කට අධික වටිනාකමක් ඇති හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වී තිබේ. එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මහබාගේ ප්‍රදේශයේ නිවසකදීය.එම සැකකරුවන් සමග මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .

කිලෝ 10 යේ හාල් උරයක සහල් අතරේම  මත්කුඩු කිලෝ 1 බැගින් සඟවා ප්‍රවාහනය කිරීම සඳහා එම සහල් උර  කැබ් රථයට සහ  මෝටර් රථයට  පටවමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසිය තටයුතු කර තිබේ. .

මෙම මත්කුඩු තොගය දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාට අයිති බව මූලික පරීක්ෂණ වලදී තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි .

ඡායාරූප – ලංකාදීප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article