ස්ප්‍රීංවැලි මේමලේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පෞද්ගලික බස්රථයක් අද (3) උදෑසන ඉබුල්ගොඩ දුම්බිලියාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමට ගිය අවස්ථාවේ එම අනතුර වළක්වා ගැනීමට එහි රියදුරුගේ දක්ෂතාව මත අනූනවයෙන් බේරාගෙන බස්රථය නවතා ගැනීම නිසා මගීන් 40කගේ ජීවිත බේරුණු බව බදුල්ල පොලිසිය පවසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ
බස්රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසාවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි .
බස්රථය ප්‍රපාතයට පෙරලී ගියේ නම් පහළ නිවාස කීපයක් මතට වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩ කඩ තිබිණ .
මේ අතර මාධ්‍ය අතරේ දිනපතා කථාබහට ලක්වෙන තවත් බොහෝ අනතුරු වලදි රියදුරන්ගේ නොසැලකිලිමත් හේතුවි තිබේ.
පසුගියදා රුසියානු කතටද දිහි අහිමිකරමින් සිදුව ත්‍රිරෝද රථ දුම්රිය අනතුරු මෙයට එක් ආසන්න සිදුවිමකි.
නොසැලකිලිමත් රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම පුද්ගලික බස්රථ රියදුරන්ට සමාජයේ බරපතල විවේචනයකට ලක්ව තිබේ.