ජල විදුලි දුරකතන ගාස්තු ආදිය හැකි තරම් සීමා කර හා අනෙකුත් වියදම් උපදෙස් පරිදි සිදුකරන ලෙස දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා රජයේ වියදම් සීමා කිරීම සදහා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ලබන වසර සදහා දින පොත් හා දින දර්ශන සඳහා වන වියදම් කපාහරින ලෙසත්,රාජ්‍ය ආයතන වලට අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදි සහ සේවා ලබාගැනීමේදී අදාළ උපදෙස් පිළිපදින ලෙසත්,හැකිතාක් පුනාරාවර්තන වියදම් අඩුකරගන්නා ලෙසත්,රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන නිලධාරීන්ගේ විදේශ අධ්‍යයන චාරිකා නිල විදෙස් චාරිකා හැකිතාක් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසත්,රාජ්‍ය ආයතන වෙත අමතර වියදම් සදහා මුදල් නොදෙන ලෙසත් මෙම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.