අද (21) තැපැල් සේවා සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින්වූ පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද සව 6.00ට පමණ මඩකලපුවේ පිහිටි ආමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටදී වන අතර ඔහුව මුණගැසීම සදහා පැමිනි පුද්ගලයෙකු හා ආරක්ෂක පොලිස් නිලධාරියෙකු අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර ඒම අවස්තාවේදී ඒ ආරක්ෂක නිලධාරියා විසින් පැමිණ පුද්ගලයාගේ හිසට වෙඩිතබා ඇති බව වාර්තා වේ. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා මිය ගොස් තිබුන අතර
වෙඩි තැබූ නිලධාරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට විරෝධය පා අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටදී පිරිසක් විසින් විරෝධතාවයක් ද පවත්වා තිබුණ මඩකලපුවේ මාධ්යවේිිදින් විසින් වාර්තා කොට තිබුණි