Tuesday, November 5, 2024

රාජකාරී පසෙක තබා දේශපාලනය කරන රාජ්‍ය නිලධාරීන් 40ක් ගැන පැමිණිලි

Must read

වෛද්‍යවරුන්, ග්‍රාමනිලධාරීවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සමෘද්ධි නිලධාරීන්,පවුල් සෞඛ්‍යසේවිකාවන් ඇතුලු විවිධ මට්ටම් වල රාජ්‍ය නිලධාරීන් 40ක පමණ පිරිසක් සිය රාජකාරී අතපසුකරමින් දේශපාලන කටයුතු වල නිරතවන බවට පැමිණිලි ලැබී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ⁣රෝහණ හෙට්ටිආරච්චි මහකා සදහන් කරයි. එමෙන්ම එම පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට තහවුරු වී ඇති බවද ඒ මහතා පවසයි.
ඒ හේතුවෙන් නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදෙන මෙම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article