මත්තල හා රත්මලාන සිට ගුවන්ගමන් ආරම්භ කරන ලෙස සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් කර තිබේ.එසේ එම ගුවන්තොටුපලවල් හරහා ගුවන්ගමන් ආරම්භ කරන ගුවන්සමාගම් වෙත විශේෂ සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත.
ඒ සදහා මේ වන විට ගුවන් සමාගම් කිහිපයක් කැමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.