මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන අද (24) දිනයේදී වාර්තා වූයේ එක් දිනකදී ආසාදිතයන් 48ක් වාර්තා වීමෙනි. ඒ සමග මුලු ආසාදිතයන් ගණන 416 දක්වා වැඩිවී තිබේ.
අද දිනයේ වාර්තා වූ රෝගීන් 48 දෙනා අතරින්
- රෝගීන් 30ක් වැලිසර නාවික හමුදා කදවුරෙන්ද
- තවත් නාවික හමුදා සෙබලුන් 5 දෙනෙකු රත්නපුර,කුරුණෑගල,බදුල්ල හා මහනුවර ප්‍රදේශවලින්ද
- ආසාදිතයන් 11 දෙනෙකු කොළඹ 12 බණ්ඩාරනායක මාවතෙන්ද
- තවත් රෝගියෙකු මරදානෙන්ද වාර්තා විය.