Tuesday, December 24, 2024

යුද්ධයෙන් මියගියවුන් සැමරීම නිසා සිරගත කළ දහදෙනා නැවතත් බන්ධනාගාරගත කරයි

Must read

2009 මැයි 18 වන දින යුද්ධයේ අවසාන අදියරේදී මියගිය පුද්ගලයන් සිහිකරමින්  2021 මැයි 18 වනදා  මඩකලපුවේ වලයිචෙනෙයි ප්‍රදේශයේ වෙරළ තීරයේදී  සිදුකළ සිහිකිරිම් පාදක කොට පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් සම්බන්ධව නඩු විභාගයක් පසුගිය 30 වනදා යළිත් වාලයිචෙනෙයි දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් 10 දෙනා අතරට කාන්තාවන්  දෙදෙනෙකු ඇතුළත්වේ. මෙම නඩුවේ වින්දිතයින් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ   රත්නවෙල් මහතා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටින ලදී.   මෙම පුද්ගලයන් ජූලි මස 13 වනදා දක්වා බන්ධනාගාරගතකරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දහදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන්  ශේෂඨාධිකරණයේ නඩුවක් ගොනුකිරීමට ජූලි මස 13 වනදා කටයුතු සිදුකරන බවත් නීතිඥවරුන් සදහන් කරන ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 දෙනාගේ පවුල් වල සාමාජාකයින් ඊයේ අධිකරණ භූමියට පැමිණි අතර , කුඩා දරුවන් ද  සිටින කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article