1990 ගණන් වලදී යුද්ධයෙන් අවතැන්වූ කනගර් ගම්මානයේ ජනතාව සිය ඉඩම් ආපසු ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතාවයේ දින 922ක් ගෙවීගොස් ඇත. ඔවුන් පදිංචිව සිටි ඉඩම්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසර 30 ක කාලයක් පුරා ඔවුන්ට එහි පදිංචි වීමට ඉඩකඩ අවුරා ඇති බවට ඔවුන් චෝදනා කරයි. ඒ වෙනුවෙන් දින 922 කට වැඩි කාලයක් තිස්සේ මෙම අරගලය සිදුකළ බවට විරෝධතා කණ්ඩායමේ නායක රංගතානා සහ සාමාජික රාසා පවසයි. අම්පාරා වෙරළ තීරයේ අක්කරයිපත්තු , පොතුවිල් හී ඒ 4 ප්‍රධාන මාර්ගයේ 60 වන කාන්ඩයේ යුරේනි හි කනගර්ග්රාම ද්‍රවිඩ ජනයාගේ අරගලය අවසන් වී නොමැත. ඔවුන් හමුවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාසා කලයිරසන් මහතා එම ස්ථානයට පැමිණි අතර ඔවුන්ගේ කලින් ජීවත්වූ ස්ථාන දැන් නටුබුන් බවට පත්වී ඇතිබවත් නිවාස හා වැසිකිලි අබලන් වී ඇති බවත් ප්‍රකාශ කලේය. එහු පවසන්නේ රජයෙන් මේ වනවිට හොද ප්‍රතිචාර ලැබී ඇති බවයි. පුද්ගලයින් පදිංචිකරවීමේ අවසාන අදයර කරා අප පැමිණ තිබෙනවා.
–
–