Monday, September 14, 2026
spot_img

යාපනයේ අධිආරක්ෂිත කලාපයකදී මාධ්‍යවේදීන් තිදෙනෙකුට හමුදාවෙන් තර්ජන

Must read

යාපනය, පලාලි වාසවිලාන් හමුදා පාලන ප්‍රදේශයේ විහාරස්ථානවල තාවකාලික වන්දනාමාන කටයුතු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට හමුදාවෙන් තර්ජනයක් එල්ල වි ඇත. මෙම සිදුවීම සිදුවි ඇත්තේ  යාපනය  වාසවිලාන් ප්‍රදේශයේ  අධි ආරක්‍ෂිත කලාපීය යුද හමුදා නිල නිවාසය ආසන්නයේ  පිහිටි විහාරස්ථානවලට  යාඥාවන් සිදුකිරීමට මහජනතාව ගිය අවස්ථාවේදීයි. ඒ සදහා ජනයාට තාවකාලික අවසර ලබාදී ඇති අතර අද පෙරවරු 8 ට පමණ ජනතාව විහාරස්ථාන වලට ඇතුලු විමට ගොස් ඇත. එම අවස්ථාවේදි ප්‍රවෘත්ති වාර්තා කිරිමට එම ස්ථානයට ගොස් ඇති  මාධ්‍යවේදී සුන්දරම්පිල්ලේ රාජේස්කරන්, චින්නයියා යෝගේස්වරන් සහ ප්‍රභාකරන් දිලක්සන් යන මාධ්‍යවේදීන්ට හමුදාව විසින් තර්ජනය කර ඔවුන්ගේ දුරකථනද විනාශ කර ඇත. මෙම  ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව වීදිවල සිටින අයුරු සහ ඔවුන් විහාරස්ථාන වන්දනා කිරීමට යන අයුරු වීඩියෝ ගත කළ මාධ්‍යවේදීන්ට දිගටම තර්ජන එල්ල කර තිබේ.

උතුරු-නැගෙනහිර ප්‍රදේශවල මාධ්‍යවේදීන්ට දිගින් දිගටම තර්ජන එල්ල වීම අවධානයට ලක්කළ යුතුය.

නිදර්ශන් විනෝත්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article