ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වන අසත්‍ය පුවතක් අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රජීව් යසිරු කුරුවිටගේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඊයේ දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද (9) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.