Friday, September 20, 2024

මෙරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4කින් ඉහළට

Must read

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපෑ ඇති වියලි කාලගුණ තත්වය හේතුවෙන් මෙරට සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් ඇත.
ඒ අනුව දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වය හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෙල්සියස් අංශක 4කින්, කොළඹ, කටුනායක, පුත්තලම හා රත්නපුර ප්‍රදේශවල සෙල්සියස් අංශක 03කින්, කටුගස්තොට, කුරුණෑගල හා රත්මලාන ප්‍ර දේශවල සෙල්සියස් අංශක 2කින්, ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රාත්‍රී කාලයේදී කුරුණෑගල, නුවරඑළිය හා වව්නියාව ප්‍රදේශවල සෙල්සියස් අංශක 5කින්, කටුගස්තොට, මහ ඉලුප්පල්ලම ප්‍රදේශවල සෙල්සියස් අංශක 4කින්, අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, හම්බන්තෙට, යාපනය, කටුනායක, මහන්නාරම, පුත්තලම හා රත්මලාන ප්‍ර දේශවල සෙල්සියස් අංශක 03කින් ඉහළ ගොස් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේදිනවල පවතින මෙම කාලගුණ තත්වය හේතුවෙන් හැකිපමණ ජලය පානය කරන ලෙසත් දහවල් කාලයේදී අව් රශ්මියට නිරාවරණය වීමෙන් වලකින ලෙසත් වෛද්‍ය අංශ විසින් ජනතාවට දැනුම් දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article