Thursday, January 23, 2025

මුහුණු පොතෙන් ත්‍රස්තවාදයට රුකුල්දුන්නා කියා තවත් තරුණයෙකු අත්අඩංගුවට

Must read

ත්‍රිකුණාමලයේ පදිංචි විසිහතර හැවිරිදි තරුණයෙකු වන ෂන්මුගරාජා  විදූලක්ෂන්  නමැති තරුණයෙකුව පසුගිය 2 වනදා ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ජූලි 17 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකොට ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වන අතර ඒ සදහා හේතුවී ඇත්තේ ෂන්මුගරාජා  විදූලක්ෂන්ගේ  ෆේස්බුක් පිටුවේ 2018 වර්ෂයේ පළවී ඇති LTTE  සංවිධානයට සම්බන්ධ ඡායාරූපයකි. මෙම තරුණයා ත්‍රිකුණාමල නගරයේ ජීවත්වන තරුණයෙකු වන අතර වෘත්තියෙන් ත්‍රීවිල් රියදුරෙකු බවද වාර්තා වේ. කෙසේ වෙතත් වර්තමාන රජය යටතේ මේ අකාරයට අන්තර්ජාලය හරහා යුද්ධය හා බැදුන ක්‍රියාකාරකම් සම්බන්ධ අන්තර්ජාල භාවිතාවන් ඇසුරෙන්  පුද්ගලයින් 100කට වඩා අත්අඩංගුවට ගෙන ඇති බව මඩකලපුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සානක්කයින් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ රජයේ ක්‍රියාව අගේ කළ සානක්කියන් මන්ත්‍රීවරයා මේ අකාරයේ අන්තර්ජාලය හරහා යුද්ධය සම්බන්ධයෙන්  ඡායාරෑප පළකරන  සාමාන්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ රජයේ ක්‍රියාකලාපය පසුගිය කාලයේ  තරයේ විවේචනයට ද ලක්කරන ලදී.
ගිය වසරේ සිට මඩකලපුව දිස්ත්‍රික්කයේද මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම් රාශියක් සිදුකර ඇති අතර මේ වනතෙක් ඔවුන්ට නඩුපවරා නොමැති අතර තවමත් ඔවුන් බන්ධනාගාරගතකොට සිටී.  ෆේස්බුක් ප්‍රකාශන පදනම් කරගනිමින් ත්‍රිකුණාමල   දිස්ත්‍රික්කයෙන් අත්අඩංගවට ගත් පළමු පුද්ගලයා ෂන්මුගරාජා විදූලක්ෂන්  තරුණයායි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article