වැල්ලවාය ප්රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට පසුගිය 26 දා රාත්රියේ අත්බෝම්බයක් දමා ගැසීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස විසින් නිවසේ ජනේලයකින් අත්බෝම්බය නිවසට දමා ඇති නමුත් අත්බෝම්බය පුපුරා ගොස් නැත.
වැඩිදුර පරීක්ෂණ වැල්ලවාය පොලීසිය විසින් සිදුකරන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.