මුලතිව් දිස්ත්රික්කයේ ජනතාවට දුම්රිය සේවා ලබාගත හැකි මුරිකන්ඩි සහ මාන්කුලම් දුම්රිය ස්ථාන දෙකක් ඇත.
මෙම දුම්රිය ස්ථාන දෙක අතරින් මුලතිව් දිස්ත්රික්කයේ ජනතාවට දුම්රිය සේවා ලබාගත හැකි ප්රධානතම දුම්රිය ස්ථානය වන්නේ මාන්කුලම් දුම්රිය ස්ථානයයි. එහෙත් මාන්කුලම් දුම්රිය ස්ථානයේ ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් නොමැතිවීම සහ දුම්රිය නතර නොකිරීම හේතුවෙන් ජනතාවට පමණක් නොව රජයේ නිලධාරීන්ටද දුම්රිය සේවාව ලබාගැනීමට කිලිනොච්චිය හෝ වවුනියාව දුම්රිය ස්ථාන වෙත යාමට සිදු විය.
මෙහිදී මෙම සේවා දෙක ලබා දෙන ලෙස විවිධ පාර්ශ්වවලින් දිගින් දිගටම ඉල්ලීම් ලැබී ඇති අතර, සංවර්ධන කමිටු රැස්වීමේදී මේ පිළිබඳව කිහිප වතාවක්ම සාකච්ඡා කර දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන් කොළඹ දුම්රිය ස්ථාන ප්රධාන කාර්යාලයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ඉල්ලීම් යොමු කර ඇත.
ෂන්මුගම් තවසීලන්