ත්‍රිකුණාමලය, මුතූර් ප්‍රදේශයේදී 2006 වසරේදී ඝාතනයට ලක්වූ “Action Against Hunger” (ACF) සහන සංවිධානයේ සේවකයින් 17 දෙනා අනුස්මරණය කිරීමේ විශේෂ උත්සවයක් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) මූලස්ථානයේදී පැවැත්විණි.
2004 සුනාමි ව්‍යසනයෙන් හා ගැටුම්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ නිරතව සිටියදී, 2006 අගෝස්තු මස මුතූර්හි පිහිටි ACF කාර්යාල පරිශ්‍රය තුළදී මෙම සහන සේවකයින් 17 දෙනා (දෙමළ ජාතිකයන් 16 දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයන් එක් අයෙකු) අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
මෙම අනුස්මරණ අවස්ථාවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටි අතර, මියගිය සහන සේවකයින් වෙනුවෙන් පහන් දල්වා පුෂ්ප උපහාර දක්වන ලදී.
මාධ්‍ය ඒකකය
දෙමළ ජාතික ජනතා පෙරමුණ






