Friday, November 22, 2024

මිළ අඩුකර විකුණ රට හාල්වල් විෂ කාරක ?????

Must read

පිටරටින් ගෙන්වන සහල්වල පිළිකා කාරක සේම අඩු දරු උපත් ඇති කරන විෂ රසායනික බහුලව අඩංගු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්‌යේෂණයකදී අනාවරණය වී ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම කාර්යාලය සඳහන් කරන පරිදි මෙරට භාවිත කරන සහල්වල අඩංගු විය යුතු ආසනික් ප්‍රමාණය සියයට 0.2 ක්ද, ඊයම් 0.2 ක්ද, මර්කරි (රසදිය) 0.1 ක්ද, සෙලනියම් 0.3 ක්ද වේ. මෙම සියල්ල බැර ලෝහ සේම පිළිකාකාරක වන බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

දේශීය වෙ​ෙළඳ පොළේ තිබෙන ආනයනික සහල්වල සාම්පල ලබාගෙන කරන ලද පර්‌යේෂණයේදී අනාවරණයවී ඇත්තේ එහි ඊයම් සියයට 43 ක්ද, කැඩ්මියම් සියයට 26 ක්ද, මර්කරි සියයට 20 ක්ද, සෙලනියම් සියයට 47 ක්ද අඩංගුවේ .

මෙම පර්‌යේෂණයේදී පළමුව සහල් සාම්පල ගෙන සෝදා ඉවත් කළ ජලය යොදා වේලා ගැනීමෙන් පසු කුඩුකර අනතුරුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා ජීර්ණය කර තිබේ. මෙම සාම්පල පී.එම්.එස්. නමැති උපකරණයක් යොදාගෙන විශ්ලේෂණය කර ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ පර්‌යේෂණ නිලධාරිනියන් විසින් මෙම පර්යේෂණය සිදුකර ආනයනික සහල්වල අඩංගු බැර ලෝහ අධික ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

නමුත්, දේශීය සහල්වල අඩංගුව ඇත්තේ සෙලනියම් සියයට 0.5 ක්ද, රසදිය 0.5 ක්ද වන බව අනාවරණය කරගෙන ඇත. ආනයනික සහල් පාරිභෝජනය නිසා පිළිකා, අඩුබර දරු උපත් ඇතිවීම සේම දරුවන්ගේ මොළය වර්ධනය වීම අඩාළ වන බවද හෙළි වී තිබේ.

කෙසේ වෙතත් වෙළද පළේ ඇති සහල් මිළ ගණන් අතර අඩුමිළට දැනට ඇත්තේ ආනයනික සහල්ය. මේ හේතුවෙන් මිළ ගැන හිතන බහුතරයක් දෙනා මිළදි ගන්නට පෙළඹි ඇත්තේ ආනයනික සහල්ය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article