Friday, September 20, 2024

මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන් – අතුරුදන්වීම සැකසහිත බව ඥාතීන් කිය

Must read

පසුගිය සැප්තැම්බර් 24 වනදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. මෙසේ අතුරුදන්වී ඇත්තේ 8 හැවිරිදි එච්. නුවන් රන්දික නැමැත්තෙකි.

මෙම අතුරුදන්වූ පුද්ගලයා ඇතුලු 5 දෙනෙකු සැප්තැම්බර් 24 වනදා ‘සදුන් පුතා දෙක’ යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර මීට දින කිහිපයකට පෙර ලැබී ඇති රේඩියෝ සංඥා පණිවුඩයකට අනුව එම බෝට්ටුව පෙරලී ඇති බවත් එම පිරිසෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවත් සදහන්ව ඇත.

කෙසේ වෙතත් මෙම අතුරුදන්වීම සැකසහිත බව පවසමින් ඥාතීන් විසින් වැලිගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සිදුවීම සම්බන්දයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article