Friday, September 20, 2024

මිය ගියායැයි කියූ උ.කොරියා නායකයා මැයි දින සැමරුමෙන් යළි කරළියට

Must read

පසුගිය අප්‍රේල් 11න් පසු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සමග විශාල කථාබහට ලක්වූ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අද (02) නැවතත් කරලියට පැමිණ තිබේ. ඒ එරට පැවති මැයි දින සැරුමකට ඔහු සහභාගී වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප උතුරු කොරියාව විසින් ප්‍රසිද්ධ කිරීමත් සමගය.

පසුගිය දිනවලදී ඔහු අසනීප තත්වයෙන් සිටින බවත්, හෘද සැත්කමකට ලක් කර ඇති බවත්,ඒ නිසා බොහෝවිට ඔහු අසාධ්‍ය තත්වයේ පසුවන බව හෝ මියගොස් ඇති බව ඇමරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර තිබිණි.

මෙම තත්වය හමුවේ උතුරු කොරියානු නායකයා මැයි දින සැමරුමේ පෙනී සිටීම සම්බන්දයෙන් අදහස් දැක්වීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා ඇත්තේ සුදුසු වේලාවට ඒ ගැන යමක් කියන්නට හැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article