Monday, December 23, 2024

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ද ආසාදිතයන් දිස්ත්‍රික්ක 13කින් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

Must read

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. එමෙන්ම ඒ මහතා පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කය හැරුණ කොට කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, නුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව හා මොනරාගල වැනි දිස්ත්‍රික්ක 13 කින් ද මිනුවන්ගොඩ පොකුරට සම්බන්ද ආසාදිතයන් වාර්තා වන බවයි.
එමෙන්ම පෑළියගොඩ මත්සළු වෙළදසංකීරණයෙන් ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම රෝගය වෙනත් දිස්ත්‍රික්කයන් කරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවදා වෛද්‍යවරයා සදහන් කරයි.
පෑළියගොඩ මත්ස්‍ය වෙළදසංකීරණයෙන් ආසාදිතයන් වාර්තා වීම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සුදත් සමරවීම මහතා සදහන් කර ඇත්තේ කොවිඩ් ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු වාර්තාවීමත් සමග එම ස්ථානයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බවත් ඒ අනුව පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු බවත්ය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article