Sunday, November 24, 2024

මැලේරියා යලි හිස එසවිමේ අවධානමක් ! පසුගිය වසරේ රෝගින් 37 ක් !

Must read

මැලේරියා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබෙනවා. පසුගිය වසර තුළ මෙරටින් මැලේරියා රෝගීන් 37 දෙනෙකු හමු වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දි තිබේ

මැලේරියාවෙන් නිදහස් රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමි වුණේ 2016 වසරේදිය.
මෙරටින් මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළද විදෙස්ගතව සිට පැමිණෙන්නන් හා විදේශවල සිට මෙරටට පැමිණෙන්නන් හරහා මැලේරියාව බෝවීමේ අවදානමක් දැන් මතුව ඇත

ජාතික මැලේරියා දිනය ලබන 26 වනදාට යෙදී තිබෙන අතර විදෙස්ගතව සිට පැමිණෙන සෑම පුද්ගලයෙකුම රුධිර පරික්ෂාවක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ විසින් දැනටමත් අවධාරණය කර තිබේ

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මැලේරියා අවදානම සම්බන්ධයෙන් මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය මෙසේ  කරුණු පැහැදිලි කරන්නට යෙදුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article