කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට රජය විසින් ලබාදෙන රු.5000 දීමනාව මැයි මාසය සදහාද ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද රජය දැනුම් දී තිබේ.
එමෙන්ම වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද රුපියල් 5000 දීමනාව හිමිවේ.
මැයි මාසය සඳහා විශ්‍රාම ගෙවීම අද (04) සිට ආරම්භ කොට පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇත.