ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය කාලය තුජ ජයග්‍රහණයේ පිපාසයෙන් පසුවූවත් තරග ජයගැනීමට තරම් සුදුසු තරගරටාවක් නොපෙන්වීම හේතුවෙන් දිගින් දිගටම පරාජයන්ට උරුමකම් කීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. ඉද හිට තරගයක් දෙකක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් වෙින් සදහටව ඈත් වීම වලක්වන්නට සමත් විය. පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී යම් කිසි ආකාරයකින් ධනාත්මකව ක්‍රීඩා කල කණ්ඩායම ලෝකශූර එංගලන්ත කණ්ඩායම පරාජය කිරීම තරගාවලියේම පෙරළියක් ඇති කිරීමට සමත් විය.
කෙසේ වෙතත් මේ දිනවල ආර්.ප්‍රේමදාස ක්රීඩංගණයේදී පැවැත්වෙන බංග්ලාදේශ ශ්‍රීලංකා එක්දින තරගාවලියේ ජය තමන් සතු කරගැනීමට ඊයේ (28) ශ්‍රී ලංකාකණ්ඩායම සමත් විය. ඒ පළමු තරග දෙක ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමිණි. මෙම තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම වසර 4කට ආසන්න කාලයක් තුල ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය වීමද විශේෂත්වයකි.
ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදුන් පළමු තරගය ලකුණු 91කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැති දෙවන තරගය කඩුළු 7කින් ජයගැනීමට සමත්විය. මෙම තරග දෙකේදී කැපී පෙනෙන ලක්ෂණය වූයේ දුර්වල තරග විලාශයක් පෙන්නුම් කල ශ්‍රී ලංකා පිතිකරුවන් නැවතත් ලකුණු අතරට පැමිණීමය.
මෙම තරගාවලියේ තුන්වන හා අවසන් තරගය එළඹෙන 31 වනදා පැවැත්වීමට නියමිතය.