Friday, September 20, 2024

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග තවදුරටත් රිමාන්ඩ්

Must read

අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් සිය වෙබ් අඩවි ඔස්සේ ප්‍රවෘත්ති පල කළ වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් මහතා ඉදිරිපත් කල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඔහුව ලබන 24 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද(14) නියෝග කළේ ය.

අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ එම මාධ්‍යවේදියා විසින් ඔහුගේ වෙබ් අඩවියට පිවිසෙන මුරපදය වෙනස් කර ඊට පිවිසීමට බාධා කර ඇති බවත් ඒ හේතුවෙන් සිදුකරන විමර්ශණ වලට එමගින් බාධාවක් සිදුව ඇති බවත්ය.

එමෙන්ම අද දිනයේ මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග මහතාගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකතන 2 රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැදවීමටද  අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article