Saturday, January 11, 2025

මාධ්‍යවේදියෙකුගේ දරුවෙකුට වැලි ඡාවාරම්කරුවන් පහරදි, තර්ජනය කරයි

Must read

 

උතුර් ප්‍රදේශයේ  නීති විරෝධී වැලි ඡාවාරම් පිළිබදව දිගින් දිගටම  වාර්තා කළ මාධ්‍යෙව්දියෙකුගේ පුත්‍රයාට පසුගිය 22 වනදා වැලි ජාවාරම්කරුවන් විසින් පහරදී තර්ජනය කර තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පලෙයි ප්‍රෙද්ශයේදී වන අතර  මේ වනවිට මෙම කුඩා දරුවා කිලිනොච්චි මූළික රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම දරුවා ගමනක් යන අතරමගදී පුද්ගලයන් කිහිප දෙනෙකු පැමිණ ඔහුට  පහරදී ඇති අතර, ” උඹව මරණවා , ඉට පස්සේ උඹේ තාත්තට ඒකෙත් පොටෝ දාල වාර්තා කරන්න පුලුවන් ” යැයි දරුවාට තර්ජනය කර ඇති බවද වාර්තා වේ.  මේ වනවිට පලෙයි පොලීසිය විසින් මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. වර්තමාන රජය බලයට පැමිණි පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැලි ඡාවාරම්කරුවන් විසින් සිදුකරන විනාශකාරී ක්‍රියා දිනෙන් දිනම වැඩිවී අතර ඒ සම්බන්ධව වාර්තා කරන මාධ්‍යෙව්දීන්ට බිය සැක නැතිව තර්ජනය කිරීමටද මෙම මැරයන් ක්‍රියාකරමින් සිටින්නේ  කුමන පදනමක් මතද යන්න මේ වනවිට හොදටම පැහැදිලි කාරණයකි. මෙම වැලි ජවාරම්කරුවන් විසින් මේ ආකාරයට බලයක් ගෙන හැසිරෙන්නේ ඒවාට,දූෂිත රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන් මෙන්ම ආරක්ෂක ආංශ වල සාමාජිකයින්ගේද සහය ලැබෙන බැවිනී. එසේ නොමැතිනම් මෙතරම් රටේ ආරක්ෂාව තර කර තිබියදී හමුදාව කැමරා උඩගුවන් ගතකරමින් පුරවැසියන් පසුපස හඹාගොස්  කොවිඩ් නීති කඩන්නන් හට දඩුවම් දෙන විට , මෙම වැලි ඡාවාරම්කරුවන්ට මෙතරම් බලයක් ලැබෙන්නේ කෙසේද ? නීතියේ සමානාත්මතාවය කොතැනදැයි පසුගියදා මඩකලපුවේ ග්‍රාන් ප්‍රෙද්ශයේ රජයේ අවසර ඇතිව අක්කර 25ක වනාන්තරයක් විනාශ කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රදේශයේ ජනතාව විරෝධතා පවත්වමින් විමසා සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article