Monday, December 23, 2024

මළගෙදර ගිය සම්පත් අතුකෝරාල නිසා පාර්ලිමේන්තුවටත් කොරෝනා බියක්

Must read

පසුගියදා බලපිටිය ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ පිරිසක් මේ වන විට නිරෝධායනයනයට ලක් කර ඇති බවත් සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයාද එම මළගෙදරට සහභාගී වී ඇති බවත්,මළගෙදරට සහභාගී වූ සියලු දෙනා නිරෝධායනය වෙමින් සිටියදී සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටින්නේ කෙසේද ලෙස විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (22) පාර් ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකලේය.

ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මනූෂ නානායක්කාර මහතා බොරු කියන බව කියමින් චෝදනා කරමින් සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා මළගෙදර නොගිය බවත් ඔහු ගිය බව මනූෂ නානයක්කාර මහතා කියන්නේ කෙසේද යන්නත් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබිණි.

කෙසේ වෙතත් මේ අතුරතුර කතානායකවරයා පවසා ඇත්තේ මේ සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ අවධානයට යොමු කරන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article