Saturday, September 21, 2024

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 06 වනදා උදෑසන 8.00 සිට

Must read

අගෝස්තු 05 වනදා පැවැත්වමට නියමිත මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු මස 6 වනදා උදෑසන 08.00ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිඵලය එදින පස්වරු 04.00ට පමණ ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කරයි.

සභාපතිවරයා මේ බව සදහන් කර සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද පැවැති සාකච්ඡාවක එක්වෙමිනි.

එමෙන්ම මේ වන විට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඡන්දය භාවිතා කිරීමේ කාල සීමාව පැයකින් දීර්ඝ කිරීමට මේ වන විට යෝජනා වී ඇති අතර ඒ සම්බන්දයෙන් වන තීරණයක්ද අද ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article