මහබැංකු බැදුම්කර වංචා සම්බන්දයෙන් සකස් කල විගණන වාර්තාවන්ට අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අර්ජුන් මහේන්ද්රන්,අජිත් නිවාඩ් කබ්රාල් හා දේශපාලන නායකයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට රජය ක්රියා කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මහ බැංකුව එහි අධිපතිවරුන් දෙදෙනා විසින්ම කොල්ලකා ඇති බවත් ඒ හේතුවෙන් මහ බැංකු අධිපතිවරුන් දෙදෙනා සම්බනදයෙන්ම පරීක්ෂන සිදුකල යුතු බවත් හදුන්නෙත්ති මහතා පවසයි.එමෙන්ම මුදල් ඇමති වන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මෙම කොල්ලකෑම් සම්බන්දයෙන් මුල සිටම පරීක්ෂණයක් ආරම්භ කල හැකි බවත් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසයි.