අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මලියතිව් ප්‍රදේශයේ පවතින අලි-මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය 12 වන දින සාර්ථකව පැවැත්විණි.
වැඩසටහනේ ප්‍රධාන ක්‍රියාකාරකම්:
1. දැනුවත් කිරීම – අලි මිනිස් ගැටුම පාලනය කරගැනීම, අලින්ගේ හැසිරීම් සහ ආරක්ෂිතව කටයුතු කිරීම පිළිබඳව ගම්වාසීන් දැනුවත් කිරීම.
2. විදුලි වැට යථා තත්ත්වයට – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිකර තිබූ විදුලි වැට නැවත නියමිත පරිදි යථා තත්ත්වයට පත් කිරීම.
3. පඳුරු ඉවත් කිරීම – ගම්මානයට පැමිණෙන වන අලින් හොඳින් නිරීක්ෂණය වන පරිදි, වනජීවී නිලධාරීන් විසින් මාර්ගය දෙපස ඇති පඳුරු ඉවත් කිරීම ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කරන ලදී.
මෙම වැඩසටහන මගින් ගම්මානයේ ජන ජීවිතය සහ වන අලි සංරක්ෂණය යන දෙකම ආරක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ.
මුලාශ්‍රය -Department of wildlife conservation Sri Lanka)










