මන්නාරම සීමාසහිත පෙරියකඩෙයි ධීවර සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සර උත්සවය බ්රහස්පතින්දා (24) පෙරවරු 11 ට මන්නාරම පෙරියකඩේ පිහිටි ධීවර සමුපකාර සමිති ගොඩනැගිල්ලේදී පැවැත්විණි.
පෙරිය කඩ ධීවර සමුපකාර සමිතියේ සභාපති කේ.ක්රිස්ටින්, මන්නාරම ප්රාදේශීය ලේකම් එම්.ප්රදීප්, මන්නාරම දිස්ත්රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් ආර්.විත්තක කලනිති, සහායක ධීවර අධ්යක්ෂ වී.කලිස්ටන්, දිස්ත්රික් ධීවර නිලධාරින්ගේ ප්රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එස්.භවනිති ඇතුළු පිරිසක් ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
සීමාසහිත පෙරියකඩෙයි ධීවර සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සර උත්සවයේදී තෝරාගත් සිසුන්ට ඉගෙනුම් උපකරණ ප්රදානය කළ අතර අමුත්තන්ට උපහාර ද පිරිනැමිණි.