Saturday, September 21, 2024

මඩකලපුව ‘නාසිවන්’ දූපතේ වැලි ඡාවාරමට එරෙහිව ජනතාව උද්ඝෝෂණයේ

Must read

ධීවර දෙපාර්තමේන්තුව විසින් වාලච්චේනේ ‘නාසිවන්’ දූපතේ ආරම්භ කර ඇති වැලි සේදීම හා කැණීම් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස බලකරමින් මඩකලපුවේ ජනතාව අද (27) උද්ඝෝෂණයක නිරත වූහ. නාසීවාන් දූපතේ ගම්මානයට රැස්ව සිටි ජනතාව, සටන් පාඨ කියමින්, දියවත්තන් සහ ඔට්ටමාවාඩි ගම්මාන හරහා , අධික අව්රශ්මිය නොතකා, කිලෝමීටර් 8 ක් පමණ වාලච්චේන වෙත පැමිණියහ. ඔවුන් වාලච්චේනෙයි පොලිස් ස්ථානය ඉදිරිපිට, කෝරලෙයිපත්තු ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පවත්වන ලදී.
ව්රෝධතාකරුවන් පැවසූවේ මෙම වැලි කැණිමේ ව්‍යාපෘතිය සඳහා කිසිදු විධිමත් අවසරයක් ලබා දී නොමැති බවයි. පරිසර අධිකාරිය, භූ විද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු වල අවසරය ඇතිව මෙම පියවර ගත යුතු බවයි. අද දින කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසත් වැලි සේදීම හා කැණීම් ව්‍යාපෘතිය නතර කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

වාලච්චේනේ ධීවර දෙපාර්තමේන්තුව විසින් මෝය, ගංගා ප්‍රදේශයේ බෝට්ටු සහ නැව්ගත කිරීම සඳහා වෙරළ ගැඹුරු කිරීමේ කටයුතු සිදු කරන ලදී.
මෙම කාලය තුළ ලබාගත් වැලි වෙරළ තීරයේ එකතු කරන ලදී. දිගු කලක් තිස්සේ ඒවා බැහැර කර නොමැත. මෙම වැලි පෞද්ගලික සමාගමක් විසින් සෝදා රටේ දකුණු ප්‍රදේශයට අපනයනය කරනු ලැබේ.

විරෝධතාකරුවන් සිය විරෝධය ලිඛිතව ප්‍රාදේශීය ලේකම් වෙත බාර දෙන ලදී. මෙම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී යෝගේෂ්වරන් යන මහත්වරුන්ද පැමිණ විරෝධතාකරුවන්ට සහය දක්වන ලදී. මෙම විරෝධතාවය දහවල් 11 සිට සවස 6.00 දක්වා පැවැත්වුණී.

 

රුද්‍රන්


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article