ජනාධිපතිවරයාට මසං ගෙඩි පෙන්වා ඒ කොළ ඇපල් කියා රවටා ඇති බවට කතන්දරයක් සමාජ මාධ්‍යයේ හිට් වී තිබේ. නමුත් මේක ඔවුනොවුන් විසින්ම නිර්මාණය කර ගත් කතාවක් මිසක් ඇත්තක් නොවේ..
මිනිහෙකුට මඩ අවලාද ගහලා අපහාස කරල ගහල වට්ටන්න පුළුවන් නම් ඒක මේ රටේ ලොකු හපන්කාර වැඩකි.. කවදාවත් මිනිහෙකුට හැදෙන්න ගොඩ එන්න දෙන්නේ නැත..රටට හැදෙන්න දෙන්නෙත් නැත. ඒක දේශපාලනයේදිත් එහෙමයි..මේ රටට හෙණ ගහලම තියෙන්නෙ ඒ මේ කුහක ඉරිසියාර මිනිසුන් නිසාය.
මසං කතාව ගත්තොත් ..මේ කියන භෝගය ඒ ගොවියා ජනාධිපතිවරයාට හඳුන්වා දුන්නේ එය නික්කම්ම ‘මසං’ නිසා නොවෙයි. මසං ගෙඩියේ සහ ඇපල් ගෙඩියේ වෙනස ජනාධිපතිවරයා නොදන්නා නොවේ. මේ ගොවි පර්යේශකයා සිදු කර තිබුණේ මසං සහ ඇපල් ප්‍රභේද දෙකක් මුහු කර අලුත් ප්‍රභේදයක් වගා කිරීමය. එය සාර්ථක වී තිබේ. එය මසං ලෙස හැඳින්විය හැක්කක් නොවේ. ඇපල් හෝ කොළ ඇපල් ලෙසද හැඳින්විය හැකි දෙයක් නොවේ. අලුත් ප්‍රභේදය මසං වලට වඩා වෙනස්ය. කොළ ඇපල් වලටත් වඩා වෙනස්ය..රසයෙනුත් වෙනස්ය.
එයට “ග්‍රීන් ඇපල් මසං” කියා නම දැම්මේ මේ ගොවියා විසිනි..අවශ්‍ය කෙනෙකුට ඒකට කැමති නමක් දා ගත හැක.
මෙවැනි තවවත් ඇපල් ප්‍රභේද මේ රටේ නිර්මාණය කර තිබේ.. රජයෙ කෘෂි පර්යේෂණායතන වල එවැනි සොයා ගැනීම් කර තිබේ. සමහරක් සාර්ථක වී ඇත. සමහරක් අසාර්ථක වී ඇත.රාගල රතු නමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර ගනනකට පෙර හදුන්වා දුන් වර්ගයත් එහෙම විශේෂයකි..දැනටත් එම ඇපල් වගාවක් තිබේ. පළදාවද ලැබේ.. ඊට අමතරව ගොවි මහතුන් විසින් සිදුකළ එවැනි නව ප්‍රභේද ගනනාවකුත් තිබේ. ඒවා මසං ලෙසද ශ්‍රී ලංකාවේ ඇපල් ලෙසද හඳුන්වමින් විකීණිමත් සිදු කෙරෙති. නමුත් මේවා තමත් ව්‍යාප්තව නැත.. සමහර විට පර්යේෂකයන් බලාපොරොත්තු මට්ටමේ නැතුව විය හැකිය. නැතිනම් එම කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන හෝ වැඩ පිළිවෙලක් නැතුවා විය හැකිය. කොළඹ වෙළඳ පොළට මේ පළතුරු එන්නනේම නැති බැවින් මේවා නාගරිකයන්ට මැජික් ලෙස පවතී. සමාජමාධ්‍ය ඔස්තාර්ලාට මේවා පුවත් වමාර වමාර කන්න පුළුවන්ව පවතී.
කොහොම නමුත් මේ ග්‍රීන් ඇපල් මසං වගාව දැන් සාර්ථකත්වය අත්පකරගෙන ඇත. ඔහු කියන ලෙස රටේ ඕනැම දේශගුණික තත්වයක් යටතේ මේ නව ප්‍රභේදය වගා කර පළදාවක් ගත හැකිවද තිබේ.
මේ මසං ද , ඇපල් ද කියා තමන්ගේ නොදන්නාකම නැතිනම් කුහකකම ඉරිසියාව පෙන්නුම් කරමින් සිටිනවාට වඩා මේ වගාකර සාර්ථක ප්‍රතිපල අත්පත් කර ගන්න පුලුවන්ද කියන එක රටට වැදගත්ය. සමහර විට විදේශ වෙළන්ඳපොළ ඉලක්ක කරගෙන මෙය අපනයන භෝගයක් ලෙස වර්ධනය කළ හැකිද බැලිය යුතුය. මෙහි රසය, පෝෂණ ගුණයක් තාබේනම් එයත් ප්‍රවර්ධනය කළ යුතුය.
කොහොම නමුත් මෙවැනි නව සොයා ගැනීම් නිරන්තරයෙන් විය යුතුව තිබේ. ලංකාවේ වී ගැන එහෙම පර්යේෂණ නොකර සාම්ප්‍රදායික වී වර්ග පමණක් වවාගෙන හිටියා නම් ලංකාවේ හතරෙන් එකකටවත් අද කන්න හාල් නැත. අද පලතුරු වර්ග, එලවලු වර්ග බොහොමයක් ඇත්තේ මෙහෙම කළ පර්යේෂණ වලින් වැඩි අස්වනු ලබා ගන්න හැකි ලෙස වැඩි දියුණු කළ ඒවාය. එකම භෝගයෙන් විවිධ රසයන් ගුණයන් සහිත ප්‍රභේද වෙළඳපොළ තුළ තිබීමෙන් පාරිභෝගිකයාට තමන්ගේ කැමැත්ත පරිදි තෝරාගැනීමේ අවස්ථාව තිබීම රටක ආහාර සුරක්ෂිතතාවය පැත්තේන් ද සම්පුර්ණ වන කොන්දේසියකි.
මේ ඇපල් මසං ගොවියාව තවදුරටත් උනන්දු කරවීම නොකර, ඔහුගේ නව නිශ්පාදනය පහත් කොට මඩ අවලාද ගසමින්, සියල්ල දත් සමාජමාධ්‍ය ඔස්තාර්ලාගේ මේ කුහක පිළිවෙත නම් පිලිකෙව් කළ යුතුය..එතරම්ම මේ අප්‍රසන්න, කාලකණ්නි වැඩකි.
මසං කන්න බැරිනම් පිටරටින් ගේන ඇපල් කන එකට කාගෙන්වත් විරුද්ධත්වයක් නැත. ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ භෝගය ගැන නිවැරදි හැඳින්වීමක් ගොවි මත කර තිබුණද එය මාධ්‍ය වල ගියේ ඒ නිවැරදි විදිහට නොවේ. මෙතන වූ අනෙක් වැරැද්ද එයය.’ග්‍රීන් ඇපල් මසං’ වෙනුවට එය ‘කොළ ඇපල්’ ලෙස මාධ්‍යකාරයන් නම් කර තිබීමේ වැරද මෙතැන සිදුව තිබීමය. එය ජනාධිපති මාධ්‍ය අංශය වෙතිනුත් සිදුව තිබිණි. බැලු බැල්ලමට කොළ ඇපල් සේ දිස්වීම මත එහි මසං කොටස හැළී තිබිණි.. සමාජ මාධය ඔස්තාර්ලා මේ හැළුණු කොටස අල්ලා ගත් අතර ඔවුන් ඇපල් හිතාමතා අත් හැරියේය. මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ මේ නව ප්‍රභේදය රසයෙන් ඉහළ නිසා ඒ වගාව දියුණු කිරීමට සහ වෙළඳපොළට එකතුකරන්න අවශ්‍ය පියවර ගන්නා ලෙසය. ඒ මිසක් ධම්මික පැණිය මෙන් රට රවටන ප්‍රචාරක කටයුත්තක් නොවේ.
ඉතින් මේ මසංවත් කොළ ඇපල්වත් නොවේ..මේ ‘ග්‍රීන් ඇපල් මසං’..හරියට නම කියන්න..
(Lanka daily ෆේස් බුක් පිටුවෙනි)