ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ශ්‍රිලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආවොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට මධුෂ්ගේ පුංචිඅම්මා යැයි කියන කාන්තාවක් විසින් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇතැයි වාර්ථා වෙයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.