ඊයේ (30) වනදා බෝට්ටුවකින් ශ්රී ලංකාවට පැන යාමට උත්සාහ කළ ශ්රී ලාංකික යුවලක් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධනුෂ්කොඩි මුහුද හරහා නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ශ්රී ලංකාවට පැන යාමට උත්සාහ කළ ශ්රී ලාංකික අඹුසැමියන් දෙදෙනෙකු සහ ඔවුන්ට ශ්රී ලංකාවට පැන යාමට උපකාර කළ හය දෙනෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තංගචිමඩම් පොලිසිය සක්රීයව පරීක්ෂණ පවත්වයි.
රාත්රී මුර සංචාරයේ යෙදී සිටි තංගචිමඩම් පොලිසිය ඔවුන් හතර දෙනා අල්ලාගෙන ප්රශ්න කර ඇති අතර ඔවුන් හතර දෙනාට එරෙහිව නීති විරෝධී ලෙස පුද්ගලයන් ලංකාවට එවීමේ නඩුව විභාග වෙමින් තිබෙන බවට තොරතුරු සොයාගෙන තිබේ. තංගචිමඩම් පොලිසිය පැවසුවේ පරීක්ෂණවලින් අනතුරුව 8 දෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එස්.ආර්.ලැම්බට්