Thursday, January 23, 2025

බුත්තල ගම් රැසකට යළිත් වන අලි තර්ජන …

Must read


බුත්තල ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශයට අයත් ගෝනගං ආර හා කෝංකැටිය වසම්වල ගම් රැසකට නැවත වතාවක් වනඅලි තර්ජන එල්ල විම හේතුවෙන් ඔවුන්ගේ ජන පිවිතයට දැඩි බලපෑම් එල්ල වි ඇති බවත් කඩිනමින් විසඳුම් ලබාදිමට වගකිවයුතු බළධාරින් මැදිහත් නොවුන හොත් දරුවන් සමග මහපාරට බසින්නට සුදානම් යැයි එම ගම්වල ජනතාව කියා සිටිති.


පසුගිය දින කිහිපය පුරා වන අලි තර්ජනවලට ලක්වු ගම්වාසින් කිහිපදෙනෙකු වනඅලින්ගේ ගොදුරු බවට පත්විමට ගොස් අනුනවයෙන් දිවි ගලවාගෙන ඇති අතර වගාවන් හා දේපල රැසකටද වනඅලිනගෙන් හානි සිදුවි ඇතැයි ඔවුහු කියා සිටිති .


ඉකුත් 02දා එසේ ගම්වැදුනු ඇතෙකුගේ පහරකෑ පැටවෙකු ලැබිමට සුදානමෙන් සිටි එළදෙනක්ද දළ පහර වැදිමෙන් මියගොස් ඇති අතර ධිවර රැකියාව සඳහා යමින් සිටි අයෙකුටද එල්ල කල ප්‍රහාරයකින්එම පුද්ගලයා දිවි ගලවාගෙන ඇත්තේ අසළඝ පිහිටි අලි අගලට පැන අනුනවයෙනි .
මේ අතර අලි ගම්විදිම වැලැක්වීමට පැල්වත්ත සිනි සමාගමෙන් යොදවා ඇති විදුලි වැටේ රාජකාරියෙ යොදාවාධාවනය වෙමින් තිබු ටැක්ටර් රථයකට මෙම ඇතා පහරදි ඇති අතර ටැක්ටරයේ ගමන් ගත් රියදුරු ඇතුලු සහායකයා දිවි ගලවාගෙන ඇත්තේ ද අනුනවයෙනි .


බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ගෝනගං ආර කණිෂ්ඨ විද්‍යාලයටද වන අලි හානි රැසක් සිදුවි ඇති අතර යකඩ වැඩ සහිත ගේට්ටු කනුද පෙරලා ඇතුලු වු අලියා ජල ටැංකි පෙරලා දමා ඒවාටද දැඩි අලාභ හානි සිදුකර තිබේ .


බුත්තල ප්‍රා දේශිය සභාවේ කොට්ඨාශ භාර මන්ත්‍රි අජිත් කුමාර මහතා මෙසේ කියා සිටියේය.
මේවෙනකොට කෝන් කැටිය හා ගෝනගං ආර වසම්වලට අලි ප්‍රශ්නය උග්‍ර වෙලා . වනජිවි නිළධාරින්ගේ අවධානය ඇත්තෙම නෑ පසුගිය දවසෙම අලි තුන්දෙනෙක් හිටියා ගමට පැනලා කවුරුවත් එළවන්න ආවේ නෑ ගමේ මිනිස්සු පාරට වෙලා හිටියේ .හත්පඅට සැරයක් කතාකළා. ඔය නිළදාරි කවුරුවත් ආවේ නෑ .

පසුගිය කාලයේ ගමයි දෙපාර්තමේනතුවයි පැල්වත්තයි සහයෝගයෙන් එකමුතුවෙන් වැඩකලේ. නමුත් දැන් කිසිම සහයෝගයක් නෑ. ඒ නිසා ගැටලු . මේ සම්බන්යෙන් මම උසස් නිළාධරින් එක්ක කතාකළාම ඒ අයගේ කිසිම සතුටු දායක විසඳුමක් යෝජනා කරන්නේ නෑ කලාපය භාර වනජිවි දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකුගෙන් මම මේ ප්‍රශ්නය සම්බන්යෙන් කතාකළාම මට කියනවා ඔයාගේ උසස් දේශපාලඥයෝ කියන්නලු ඉඩම්ටික මංකොල්ල කන්න එපා කියලා මම කිව්වා ඔබතුමාලා සම්බන්ධිකරණ රැස්විම් වලට යනවනේ ඒකෙදි කතාකරන්න කියලා . මෙහෙම නිළධාරි එක්ක අලි ප්‍රශ්නය විසඳන්න බෑ . අපි කියන්නේ ජනතාව ජිවිත බේරාගන්න පාරට බහින්න කලින් මේ ප්‍රශ්නයට වනජිවි ඇමතිතුමා කඩිනමින් මැදිහත්වෙන්න කියලා .


මේ සම්බන්යෙන් අප වනජිවි දෙපාර්තමේන්තුවේ ඌව කලාප භාර සහකාර අධ්‍යක්ෂ ඒ ඒ ඩි යු ඉන්ද්‍රජිත් මහතා මහතාගෙන් කල විමසීමකදි ඒ මහතා මෙසේ කියා සිටියේය.


මේ වෙනකොට යාල කැලේ ඉඳලා එන අලි ගමට වදින්නේ නෑ විදුලි වැට වගේම අලි අගල සක්‍රියව තියෙනවා . අලි එන්නේ පැල්වත්ත සිනි සමාගමෙන් එළවන අලි මැණික් ගගෙන් ගොඩවෙනවා . ඒ එන අලින්ගෙන් කොටසක් දියකිරිත්ත හා දෙමොදර අතර තියෙන කොටසෙන් ගමට එනවා
පැල්වත්තෙන් එළවපු අලියෙකු ගමට ඇවිල්ලා කලබලයක් කරලා තිබුනා . ඒ වෙලාවේ අපේ නිළධාරින් ගිහින් අලියා ගමෙන් ඉවත්කරනන් කටයුතු කරලා තිබුනා. එහිදි නිළධාරින්ට තර්ජනය කරලා වාහනය ගිනිතියනවා කියලා කෑකෝ ගහලා තියෙනවා .ඒ අනුව අපි ඒ පුද්ගලයින් දෙන්නෙකුට විරුද්ධව නඩු දැම්මා.නිළධාරින්ට තර්ජනය කරනවානම් අපිට රාජකාරියක් හරියට කරන්න වෙන්නේ නෑනේ ඒ නිසා .

දියකිරිත්ත සිට දෙමොදර අලි කොරිඩෝව දක්වා කිලෝමිටර් එක හමාරක විතර කොටස හරහා අලි වැට ඉදිකරන්න ඕනේ ඒක ලබන වසරෙ සැලසුමට අපි ඇතුලත් කරලා තියෙනවා . ඒ සම්බන්යෙන් සිනි සමාගම සමග එකඟතාවයකට පැමිණියා සාකජ්චා කිහිපයක් තිබුනා . යැයි කියා සිටියේය.

badullanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article